එළබෙන ජනාධිපතිවරණය සඳහා තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසන්නේ.
එම සාකච්ඡාව අද පස්වරුවේ මැතිවරණ නිරීක්ෂකින් සමඟ පැවැත්වීමට නියමිත බවයි ඒ මහතා ප්රකාශ කළේ.