තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවදනාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්/ කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එය පැයට කිලෝමීටර් 60ත් 65 ත් අතර අගයක් ගන්නා බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු ස්වභාවයක් ගන්නා බැවින් ඒ කෙරෙහි අවධානය යොමුකරන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.