දකුණු කැලිෆෝනියාවේ වේගයෙන් පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් ඉවත් කර තිබෙනවා.
ලොස් ඇන්ජලීස් හි නැගෙනහිර සැන් බර්නාඩිනෝ ප්‍රාන්තයේ නිවාස, ව්‍යාපාර හා අනෙකුත් ගොඩනැගිලි දහස් ගණනකට ද ලැව්ගිනි හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සතියේ ආරම්භ වූ ලැව්ගිනි පෙරේදා රාත්‍රීයේදීත් සීඝ්රයෙන් පැතිර ගිය අතර, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් එම ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කළා.
සැන් බර්නාඩිනෝ ජාතික වනෝද්‍යානයේ ඇති වූ ලැව්ගින්න ඊයේ දහවල් වන විට අක්කර 17,459ක් දක්වා වර්ධනය වී ඇති අතර එය මෙතෙක් පාලනය කිරීමට ගිනි නිවන භටයන් සමත්ව නැහැ. දැනට කැලිෆෝනියාවේ පස්වන විශාලතම ක්‍රියාකාරී ලැව්ගින්න මෙය බවයි වාර්තා වන්නේ.
මේ වනවිටත් නගර රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.