ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වුණා.
ඒ මහතා මිය යනවිට වෙළද සේවයේ පාලක ලෙස කටයුතු කළා.
අද මෙන් ගුවන් විදුලි නාලිකා බහුල නොවූ එදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති ප්‍රකාශය නොඇසූ කෙනෙකු නැති තරම්.
රුව නොදැක්කද මෙන්න ප්රවෘත්ති ප්‍රකාශය සුජීව හරිස්චන්ද්‍ර විසින් යැයි කියූ විට ගුවන් විදුලි ශ්රාවකයින්ට ඔහුගේ හඩ සුපුරුදු වූයේ එහි තිබූ ප්රතාපවත් බව නිසාවෙන්.
ඒතරම් ප්‍රබල හඩ පෞරුෂයක් තිබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී සුජීව හරිස්චන්ද්‍ර මහතා වසර ගණනාවක් පුරා ගුවන් විදුලි ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කළා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 59 වන වියේ පසුවුණා.
සුජීව හරිස්චන්ද්‍ර මහතාගේ දේහය හෙට උදෑසන 10 සිට බොරැල්ල ඒ එෆ් රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තැබෙනවා.
දේහය පස්වරු දෙකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතයි.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිවේදක සුජීව හරිස්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.