නුවරඑළිය දිස්ත්‍රික්කයේ කර්මාන්ත නවෝදයක් ඇතිකරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නිවසක සහ ඉඩමක අයිතිය ලබාදෙමින්, කුඩා තේවතු හිමියෙකුගේ තත්ත්වයට, වතු ජනතාව පත්කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් නුවරඑළියේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
සමගි ජන සන්ධානයේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා.