ඩොලර් බිලියන 1080කට අදාළ ආර්ථික ප්රතිපත්ති මාලාව ඉදිරිපත් කර ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සාම්ප්රදායික ප්රසම්පාදන ක්රමය වෙනුවට ඩිජිටල්කරණය මුසුවූ නව ප්රසම්පාදන ක්රියාවලින් ඇතිකරන බවයි වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළියක් පානදුර නගරයේදී පැවැත්වුණා.
මෙම ජන රැළිය සංවිධාන කරන ලද්දේ පානදුර ප්රාදේශීය සභාවේ හිටපු සභාපති හේමන්ත ප්රනාන්දු මහතායි.
පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක් මෙම ජනහමුව ඇමතුවා.