පෞද්ගලික අංශය වැඩි වශයෙන් ධනය උත්පාදනය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එලෙස ලැබෙන ලාභයෙන් සාධාරණ කොටසක් වැඩකරන ජනතාවට ලබාදීමට එකඟතාව පළකළ යුතු බවටයි ඒ මහතා ප්‍රකාශ කළේ.
අන්තර් සමාගම් සේවක සංගමය විසිපස්වන මහා සමුළුවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකළා.
මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී එම සමුළුව පැවැත්වුණේ අරගල දහසක් ජය දද සහසක් පුනරුද යුගයකට වැඩබිම් එක පෙළට යන තේමාවෙන්.
මේ අතර ජාතික ජනබලවේගය සංවිධාන කළ තවත් රැළියක් ඌව පරණගම, දංගමුව ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඒ එම බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඇතැම් මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද ඒ මහතා මෙහිදී අදහස් පළකළා.