‘පුළුවන් ශ්‍රී ලංකා’ ජයග්‍රාහී ජන රැලි මාලාවේ කල්කුඩා සහ ඔට්ටමාවාඩි ජන රැලිවලට සහභාගි වන අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙරවරුවේ කාත්තන්කුඩි-05 බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගත්තා.
එහිදී අල්හාජ් අබ්දුල් ජවාද් ආලීම් වලියුල්ලාහ් භාරකාරත්වයේ සභාපති අබ්දුර් රහ්මාන් මිස්බාහි මහතා ඇතුලු එහි සිටි පිරිස සමඟ ජනාධිපතිවරයා සුහද කතාබහකද නිරත වූ අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එල්. එම්. අතාඋල්ලා, අලි සහීර් මවුලානා මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපති එම්. එම්. ජසීම් යන මහත්වරුන් ඊට එක්ව සිටියා.
බදුරියා ජුම්ආ දේවස්ථානය යටතේ ජුම්මා දේවස්ථාන 02ක් ඇතුලු දිවයින පුරා පල්ලි 4ක් , කුරාන් පාසල් 7ක්, අරාබි විද්‍යාල 2ක් සහ සමාජ සේවා ආයතන 30කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් එන අතරතුර කාත්තන්කුඩි නගරයේ ව්‍යාපාරිකයින් සහ සාමාන්‍ය ජනතාව මුණ ගැසී ඔවුන් මුහුණ දෙන ගැටලු හා ඔවුන්ගේ අදහස් විමසීමට ද කටයුතු කළා.