ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේදී සිදුවූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
ඇලන්බි පාලම හරස් මාර්ගයේදී සිදුවූ වෙඩි තැබීමකින් ඊශ්රායල සිවිල් වැසියන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි ඊශ්රායල ආරක්ෂක හමුදාව පවසන්නේ.
ප්රහාරකයා ට්රක් රථයකින් ජෝර්දාන පැත්තේ සිට ප්රදේශයට පැමිණ, ඉන් බැස වෙඩි තැබූ බව ඊශ්රායල හමුදාව ප්රකාශ කළා.
දේශසීමාවේ පැත්තක් වසා දමා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බවයි ජෝර්දානය ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.