දුම්රිය සහ බස්රථවල ගමන්ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක සොරකම්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළුතර නගර සභා ක්රීඩාපිටිය ආසන්නයේ සිදුකළ මෙහෙයුමකදීයි.
සිදුකළ ප්රශ්න කිරීම්වලදී විකිණීමට සූදානම්කර තිබූ ලැප්ටොප් පරිගණක පහක් ජංගම දුරකතන දෙකක් සොයා ගැනුණා.
සැකකරු වයස අවුරුදු 37ක කළුතර ප්රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන සිදුකරන්නේ.