ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්රහාරයන්ගෙන් ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්රහාරයන්ගෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් මියගොස් ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 41,000ට ආසන්නයි.
තවත් 94,616 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට හා රජයට විරෝධය පළකරමින් ඊයේ දිනයේ ද ටෙල් අවිව් අගනුවර දී විරෝධතා පැවැත්වුණා.
ඊයේ පැවති විරෝධතා සඳහා 750,000ක පමණ පිරිසක් එක්ව සිටි බවයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ.
හමාස් ප්‍රාණ ඇපයේ පසුවන වැසියන් බේරා ගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කිසිදු උනන්දුවක් නොමැති බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.