ඇමෙරිකාවේ කෙන්ටකි ප්රාන්තයේ අධිවේගී මාර්ගයක් අසල වෙඩි තැබීම් කීපයක් සිදුකළ සැකකරුවෙකු සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
කෙන්ටකි ප්රාන්තයේ අධිවේගී මාර්ගයක් අසල සිදුවූ මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද වෙඩි ප්රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර තුවාල ලැබූවන් සියලු දෙනාම වෙඩි ප්රහාරයන්ට ගොදුරුවී නැති බවද සඳහන්.
ඊයේ සවස 6ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
තිස්දෙහැවිරිදි ජෝසප් කවුච් නමැති පුද්ගලයෙකු සැකකරු ලෙස නම් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.
ඔහු ගිනි අවි අතැතිව ගමන් ගන්නා බැවින් අවදානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවට අනතුරු අඟවනවා.