රට ගොඩනැගීමේ නිශ්චිත කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් ඇත්තේ සමගි ජන සන්ධානයට බව එහි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඩීල් දේශපාලනයට තිත තබන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජන රැළි මාලාව යටතේ කොළොන්නාවේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.