ජනතාව දුප්පත්කමට ඇද දැමූ දේශපාලනඥයන්ට පිළිතුරු සැපයීමට ජනතාව සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
ජන හමුවට එක්වූ ජනතා විමුක්ති පෙරමුනේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්රකාශ කළේ අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රහණය වෙනුවෙන් සියලුදෙනා එක්ව කටයුතු කරන බවයි.
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මොරවක පැවති ජන හමුවකට එක්වෙමිනුයි හදුන්නෙත්ති මහතා මෙම අදහස් පළකළේ.