මස්කෙලිය පොලිස් වසමට අයත් බැනියන් වතුයායේ වලකට වැටි සිටි හඳුන් දිවි පැටෙවෙකු මුදා ගැනීමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
එම වතුයායේ වතු නිවාස පේලියක් අසල කපා තිබු වලකට හඳුන් දිවි පැටවෙකු වැටි සිටින බවට එම වතුයායේ වතු කම්කරුවන් මස්කෙලිය පොලීසිය වෙත කරන දැනුම් දිමක් මත මස්කෙලිය පොලිසිය විසින් ඒ බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු හඳුන් දිවි පැටවා මුදාගෙන රක්ෂිතයට මුදා හැරිණ.
වතු කම්කරුවන් වතු නිවාස වල ඇති කරන කුකුලන් දඩයම් කිරිම සඳහා පැමිණි අවස්තාවේ හදුන් දිවි පැටවා වලට වැටෙන්නට ඇති බවයි එම වතුයායේ පදිංචිකරුවන් කියා සිටියේ.