2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
පෙරවරු 8.00ට ආරම්භ කෙරුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම පස්වරු 6.00 දක්වා සිදුවනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කෙරුණේ පසුගිය තුන්වනදායි.
මේ වන විට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටියේ.
අද දිනයේ නිවසේ රැදී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබා ගන්නා ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
මෙම බෙදා හැරීමේ කටයුතු ලබන 14 වනදා දක්වා සිදු කෙරෙනවා.