යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් වියට්නාමයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම වසරේ දී ආසියාවට මෙතෙක් බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි යාගී සුළි කුණාටුව සැළකෙන්නේ.
උතුරුදිග වියට්නාමයෙන් මෙම සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වූ අතර එහි ප්‍රබලත්වය පැයට කිලෝමීටර් 203ක් පමණ වන බව වාර්තා වනවා.
වියට්නාමයේ හැනෝයි අගනුවර ගොඩනැගිලි හා මෝටර් රථ රැසකට ඉන් හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගස් කඩා වැටීම් හේතුවෙන් විදුලිබලය ද ඇණහිට ඇති බව සඳහන්.
යාගී සුළි කුණාටුව චීනයට හා පිලිපීනයට ද පසුගිය සතියේ දී දැඩි බලපෑම් එල්ල කළා.
එහි බලපෑම හේතුවෙන් චීනයේ හයියෑන් ප්‍රාන්තයේ පුද්ගලයින් ලක්ෂ හතරකට වැඩි පිරිසක් අවතැන් වුණා.
එම ප්‍රාන්තයට යාගී සුළි කුණාටුව පැයට කිලෝමීටර් 245ක පමණ ප්‍රබලත්වයකින් යුතුව බලපෑ බවයි චීන කාලගුණ අංශ සඳහන් කරන්නේ.
260,000ට අධික පිරිසකට විදුලිය ඇණහිට තිබූ අතර මෙම වසරේදී චීනය හරහා හමාගිය දෙවන සුළි කුණාටුව මෙයයි.