දෛනික වෙෙළඳාම සඳහා මාළු ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙෙළඳ සංකීර්ණයට යමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මාළු ව්‍යාපාරිකයෙකු සිය ලොරි රථය තුළදීම මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ කුඩා උඩුව, උතුරු උඩුව, සේද ගොවිපළ අංක 215 /බී / 02 හි පදිංචි මුණසිංහ සිතුම් මනෝහර නමැති (27) එක් දරු පියක්.
මෙම ව්‍යාපාරිකයා කුඩා උඩුව ප්‍රදේශයේ සිට සිය ලොරි රථයෙන් වෙෙළඳාමට මාළු ගෙන ඒමට දිනපතා පෑලියගොඩ මාළු වෙෙළඳ සංකීර්ණයට යන අතර සුපුරුදු පරිදි මාළු ගෙන ඒම සඳහා තනිවම කොළඹ බලා පිටත්ව ගොස් තිබේ.ඒ යන අතරතුරදී එක් වරම ඔහුට හදිසි හෘදයාබාධයක් වැලඳී ඇති අතර ඒ බව දුරකතනයෙන් නිවැසියන් අමතා පවසා තිබෙනවා.
පසුව නිවැසියන් පවසා ඇත්තේ අසනීප තත්ත්වය වැඩි වන්නේ නම් කොළඹ නොගොස් වහාම යළි නිවසට පැමිණෙන ලෙසයි.
ඒ අනුව කොළඹ නොගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදී කිරිවත්තුඩුව හන්දිය ආසන්නයේදී යළි අසනීප තත්ත්වය උග්‍ර වී තිබෙනවා.
ලොරි රථය හොරණ මහරගම 280 බස් මාර්ගයේ කිරිවත්තුඩුව හන්දිය ආසන්නයේ පසෙක නවතා මදක් රැඳී සිටියදී මෙසේ මිය ගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මේ අතරතුර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය ප්‍රතිචාර නොදැක්වීම නිසා සැකසීතූ නිවැසියන් ඔහු සොයා කුඩා උඩුව ප්‍රදේශයේ සිට කොළඹ දෙසට 280 බස් මාර්ගය ඔස්සේ එමින් සිටියදී කිරිවත්තුඩුව හන්දිය ආසන්නයේ මාර්ගයේ පසෙක ලොරි රථය නවතා තිබෙනු දැක ඒ අසලට ගොස් බැලීමේදී රිය අසුනේ හිඳිමින් වම්පසට ඇල වී වැටි සිටිනු දැක තිබෙනවා.
ඥාතින් ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.