රනිල් වික්‍රමසිංහ විහිළු කළේ ජනතාවගේ දුප්පත්කමට බවත් ඊට දෙනියාය ආසනයේ ජනතාව එළඹෙන 21දා මාලිමාව ඉදිරියේ කතිරය ගසා ඔප්පු උත්තර දෙන බව සුනිල් හදුන්නෙත්ති හිටපු කොප් කමිටු සභාපතිවරයා ඊයේ මොරවක පැවති ජාතික ජනබලවේගයේ විජයග්‍රාහී ජන රැලිය අමතමින් ප්‍රකාශ කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා කතා කළ ජනතාවගේ දුප්පත්කමට විහිළුවක් කිරීම ජනතාවගේ දුක නොබැලූවාට සාගල රත්නායක බැලීමට සති දෙකකට වරක් දෙනියාය ප්‍රදේශයට පැමිණෙන බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ.
මෙම ජන රැලියට ජාතික ජනබලවේගය හා ජනතා විමුක්ති පෙරමුණු ලේකම් ටිල්වින් සිල්වා , අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී සරෝජා සාවිත්‍රි පොල්රාජ් , දෙනියාය ආසන සංවිධායක ලංකා ගුරු සේවා සංගමයේ මාතර දිස්ත්‍රික් ලේකම් ලාල් ප්‍රේමනාත්, සමස්ථ ලංකා සමෘද්ධි කෘෂිකාර්ම පර්යේෂකයන්ගේ මහා සංගමයේ උප සභාපති නිහාල් රංජිත් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් ප්‍රාදේශීය සභා අපේක්ෂකයෝ මෙන්ම ආරාධිතයන් පිරිසක්ද පැමිණ සිටියා.
වැඩමවා වදාළ මහ සගරුවන ඇතුළු සැවොම පිළිගැනීම සිදු කළේ දෙනියාය ආසන්නයේ ජාතික ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ලාල් ප්‍රේමනාත් කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ කැදවුම්කරුයි.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක නොපැමිණෙන බව ප්‍රකාශ කරමින් අදහස් දැක්වූයේ පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වායි