අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතු බව ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට කළ තර්ජනය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි ජනාධිපතිවරයා කියාසිටින්නේ.
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් යාපනය නල්ලූර්, සංගිලිඋයන් ප්‍රදේශයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළියකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම ජන හමුව සංවිධානකර තිබුණා.