උතුරේ ජීවත් වන මුස්ලිම් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මුස්ලිම් ප්‍රජාව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ පැවති හමුවකදීයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.
හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සංවිධාන කළ මෙම හමුවේදී මුස්ලිම් ප්‍රජා නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රශ්න ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කළා.