මිහින්තලය, කුංචිකුලම ප්රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හා සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙම අඹුසැමි යුවළ පමණක් මෙම නිවසේ ජීවත් වී ඇති අතර පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර එම සැමියා ද සියදිවි හානි කරගන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ කුංචිකුලම ප්රදේශයේම පදිංචි 61 සහ 56 වයසැති අඹුසැමි යුවලක්.
සිද්ධිය පිළිබඳව මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා