ව්‍යාපාරවලට හිතකර ආර්ථික හා සමාජ වතාවරණයක් තම රජයක් යටතේ නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විවෘත ආර්ථික ක්‍රමවේදයෙන් තොර වෙනත් ආර්ථික ක්‍රමවේදයක් ලෝකයේ තවම සාර්ථක වී නැතිබව ද ඒ මහතා කියා සිටිනවා.
කොළඹ පැවති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
මහජන නියෝජිතයන් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වුවා.
කොළඹ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක්ම මෙම අවස්ථාවට එක්ව සිටියා.