රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතය භාර ගැනිමේ අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නිදහස් වෙළද ගිවිසුම් අවලංගු කර අපනයන ආර්ථිකයක් සකස් කරන්නේ කෙසේදැයි අනුර කුමාර දිසානායක මහතා රටට පැහැදිලි කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති බැංකු කරුවන් සහ මූල්‍ය කටයුතු පිළිබඳ සමුළුවට එක්වෙමින්.
බුද්ධිමත් නායකත්වයක් සමග බැංකුකරුවෝ යන තේමාවෙන් එය සංවිධාන කර තිබුණා.
ආර්ථික කටයුතු පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතා මෙහිදි විශේෂ දේශනයක් සිදුකළා.