සැප්තැම්බර් 7 වනදින නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස සැමරෙනවා.
ඒ අපගේ සෞඛ්‍ය හා එදිනෙදා ජීවිතයේදී පිරිසිදු වාතයේ වැදගත්කම හඳුනා ගැනීම සඳහා යි.
වායු දූෂණය මිනිසුන්ගේ සෞඛ්‍යයට ඇති බරපතලම තනි පාරිසරික තර්ජනයවන අතර ලොව පුරා මරණ හා රෝග වැළැක්විය හැකි ප්‍රමුඛතම හේතුවක්.
කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් වායු දූෂණයෙන් අසමාන ලෙස පීඩාවට පත් වන අතර එය පරිසරයට විනාශකාරී බලපෑම් ඇති කරන්නක්.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එහි 74 වන සැසිවාරයේදී, 2019 දෙසැම්බර් 19 වන දින, නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනයක් ඉල්ලා යෝජනාවක් සම්මත කළ අතර, සැප්තැම්බර් 7 වන දින ජාත්‍යන්තර දිනය සංවිධාන කරන ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට ආරාධනා කළා.
වායු දූෂණයට සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවය සහ දේශපාලන ගම්‍යතාවය වැඩි කිරීමේ වේදිකාවක් ලෙස මෙම දිනය ක්‍රියා කරනවා.
වාතයේ ගුණාත්මක දත්ත රැස් කිරීම, ඒකාබද්ධ පර්යේෂණ, නව තාක්ෂණයන් දියුණු කිරීම සහ හොඳම භාවිතයන් බෙදාගැනීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව වැඩි කිරීම එයට ඇතුළත්.
ඉතින් කලින් සඳහන් කළ ආකාරයටම වායු දූෂණය අපේ කාලයේ විශාලතම පාරිසරික සෞඛ්‍ය අවදානම කිව්වොත් නිවැරදියි.
එය දේශගුණික විපර්යාස උග්‍ර කරන අතරම ආර්ථික පාඩු ඇති කරනවා.
කෘෂිකාර්මික ඵලදායිතාව අඩු කරන දූෂිත වායුව දේශසීමා බාධාවකින් තොරවම ලොව සියළු රටවලට පහර දෙනවා.
අපගේ වායුගෝලය ආරක්ෂා කිරීමට සහ සැමට නිරෝගී වාතය සහතික කිරීම සෑම කෙනෙකුගේම වගකීමක්.
එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, කාලය, සම්පත් සහ උත්සාහය යන සාමූහික ආයෝජන හරහා අපට වායු දූෂණය අවම කළ හැකියි.
නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳ මෙම ජාත්‍යන්තර දිනය, මෙවර එහි තේමාවවන #CleanAirNow වෙනුවෙන් වායු දූෂණයට ක්‍රියාකාරීව මුහුණ දෙමින් පරිවර්තනීය වෙනසක් ලබා ගත හැකි ආකාරයට සැමට නිරෝගී වාතය සුරක්ෂිත කරදෙන මෙන් ලොව සියළු දෙනාවම යොමු කරවනවා.