ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 80% ඉක්මවා තිබෙනවා.
මේ අතර හෙට ඡන්ද කාඩ්පත් බෙදා හරින විශේෂ දිනයක් ලෙස සලකා ක්‍රියා කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හෙට විශේෂ දිනයක් ලෙස නම්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 2460 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 930ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1530ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
මෙම පැමිණිලි අතුරින් 2387ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනුයි ලැබී තිබෙන්නේ.