කළුබෝවිල රෝහලේ මිලේනියම් වාට්ටු සංකීර්ණයේ ස්ථාපිත කළ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය මෙන්ම රසායනාගාර ඒකකය රෝගී ප්‍රතිකාර සේවා ආරම්භ කළා.
මෙම ප්‍රතිකාර ඒකකය විවෘත කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රදානත්වයෙනුයි.
වාට්ටු සංකිර්ණය මහල් 8කින් සමන්විතයි.
එය විවෘත කිරීම හේතුවෙන් තවත් රෝගීන් 500 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවනවා.
එමෙන්ම රෝහලෙන් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට ද මේ හරහා හැකියාව උදා වනවා.
මෙහිදි අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ දිනපතා රෝහලට පැමිණෙන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට පහසුකම් දැන් සැලසී ඇති බවයි.
එමෙන්ම රෝහලේ අනෙකුත් සංවර්ධන කාර්යන් සඳහා ද අවදානය යොමුව තිබෙනවා.