මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ගැටබරුව විහාරස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් පවත්වාගෙන යනු ලබන ‘DP Education’ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වී තිබෙනවා.
ඒ, ඊයේ මාතර දෙනියාය ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට සහභාගීවීමෙන් අනතුරුවයි.
එහිදී එම ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි සිසු දරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ බව සඳහන්.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ආයතනයේ පරිපාලන අධිකාරිය සමඟ ද සුහද සාකච්ඡාවක නිරත වුණා.
එහි දී රනිල් වික්‍රමසිංහ මහතා පරිගණක සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කිරීමටයි කටයුතු කළේ.
එමෙන්ම එහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා එම ආයතනයට අවශ්‍ය සහාය ලබාදීමට ද කැමැත්ත පළ කළ බවටයි තොරතුරු වාර්තා වාර්තා වන්නේ.
එසේම රටේ සෑම ප්‍රදේශයකම මෙවැනි අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.