ජාතික ජනබලවේගයේ ප්රතිපත්ති ප්රකාශයේ පිටු 232 ක් තිබුණත් එහි අනාගතය ගැන කිසිවක් නොමැති බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණ එක් පැත්තකට යන විට ජාතික ජන බලවේගය තවත් පැත්තකට ගමන් කරන බව ද වික්රමසිංහ මහතා කියා සිටිනවා.
මොරවක පැවති පුළුවන් ශ්රී ලංකා ජන රැළිය අමතමිනුයි රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළේ
මෙවැනි පරස්පර විරෝධි ප්රකාශ නිසා අද වන විට මාලිමාව කැරකෙන්නේ කුමන දිශාවට දැයි සිතා ගැනීමට බැරි බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්රකාශ කර සිටින්නේ .