තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට ලබන 11 සහ 12 දෙදිනේදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පසුගිය 4, ඊයේ (5) සහ අද (6) දිනවල සාර්තකව පැවැත්වීමට හැකියාව ලැබුණ බවයි සඳහන් කරන්නේ .
මේ අතර පසුගිය දින දෙකේදී තැපැල් ඡන්ද දායකයන්ගෙන් සියයට අසූවකට වැඩි පිරිසක් සිය ඡන්දය භාවිත කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ රාජිත කේ.රණසිංහ මහතා පවසනවා .