කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000 මිලට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කෘෂි කර්මාන්තය සහ අපනයන කෘෂිකර්මය නගා සිටුවීම වෙනුවෙන් වැඩපිලිවෙල රාශියක් තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ක්‍රියාවට නංවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
එම අවස්ථාවට එක්වෙමින් ජනතා නියෝජිතයින් රැසක් අදහස් පළකලා.