ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරනවා .
2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයක් අගෝස්තුමස සිදුවී තිබෙන බවයි මහ බැංකුව වාර්තා කරන්නේ .