අද (06) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 45 ක පමණ තද සුළංද ඇතිවිය හැකි බවයි සඳහන් කරන්නේ .