දරුණු සුළි කුණාටුවක් වන, යාගි සුළි කුණාටුව චීනයේ හයිනාන් වෙත කඩාවැදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා .
මේ හේතුවෙන් ජනප්‍රිය සංචාරක දූපතක් වන හයිනාන් හි පුද්ගලයන් ලක්ෂ 4ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමටයි එරට බලධාරීන් කටයුතු කර ඇත්තේ .
පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇති මෙම කුණාටුව පැයට කිලෝමීටර 240ක වේගයෙන් හමා යන අතර මෙයින් දැඩි ව්‍යසනයක් විය හැකි අතර, වර්ෂාපතනය මිලිමීටර් 500 දක්වා ඉහළ යනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.
මෙම කුණාටුව හේතුවෙන් හොංකොං සහ මැකාවු සහ ගුවැන්ඩොං හි ෂුහායි සම්බන්ධ කරන කිලෝමීටර 55 ක දිගින් යුත් ප්‍රධාන පාලම ද වසා දැමුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා .