ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීම සදහා දෙපාර්ශවය සියයට අනුවක එකගතාවයකට පැමිණ ඇති බව ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා පවසනවා.
ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීම සදහා එකගතාවයකට එළඹීමට ඇත්තේ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පමණක් බවයි ඇමෙරිකා රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සදහන් කරන්නේ.
ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එකගතාවයකට පැමිණ ඇති අතර අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ද අවසන් එකගතාවයකට පැමිණෙන ලෙස ඔහු දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා.
කෙසේ වුවද ඇමෙරිකා රාජ්ය ලේකම්වරයාගේ ප්රකාශය ප්රතික්ෂේප කරන බවයි ඊශ්රායල අග්රාමාත්යවරයා නිවේදනය කරන්නේ.