බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි අවු 13 ක වයසැති පාසල් වියේ පසුවන තම දියණිය දූෂණයට ලක් කල 44 හැවිරිදි පියෙකු අද (06) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා .
දූෂණයට ලක් වී සිටින සිසුවියගේ මව කොළඹ ප්‍රදේශයේ නිවසක ගෘහසේවයේ නිරත වන බවත්, ඇය නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවේ දියණිය විසින් ඒ පිළිබඳව මව වෙත පවසා තිබෙන බව සඳහන් .
මව විසින් බගවන්තලාව පොලිසියට සිදුකළ පැමිණිල්ල මත සැකකාර පියා අත්අඩංගුවට ගත් බවයි බගවන්තලාව පොලීසිය සඳහන් කරන්නේ .
දුෂණයට ලක් වූ පාසල් සිසුවිය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව පොලිසිය පවසනවා .
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි