බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා දේශපාලන ප්‍රකාශ සිදු නොකළ යුතු බව එරට අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් පවසනවා.
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරිය මේ වන විට ඉන්දියාවේ රැදි සිටින අතර ඇය සිදුකරන දේශපාලන ප්‍රකාශ හරහා ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරටම අපහසුතාවයට පත්වන බවයි යුනුස් පෙන්වා දෙන්නේ.
එබැවින් ඇයව ඉන්දියාවෙන් පිටුවහල් කරන ලෙස බංග්ලාදේශය ඉල්ලීමක් සිදුකරන තුරු ඇය නිශ්ශබ්දව සිටිය යුතු බව මුහම්මද් යුනුස් සදහන් කරනවා.
බංග්ලාදේශය ඉන්දියාව සමග ශක්තිමත් ද්විපාර්ශික සබදතා අපේක්ෂා කරන අතර මතුපිටින් පෙනෙන දේශපාලන ආඛ්‍යානය ඔබ්බට සිතිමට ඔවුන් කටයුතු කළ යුතු බව ද බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා පෙන්වා දෙනවා.