තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (06) දින බඹර ප්රහාරයක් එල්ල වී තිබෙනවා .
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් හත්දෙනෙකුට මෙම බඹර ප්රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ .
ප්රහාරයෙන් තුවාල ලැබු පස්දෙනෙකු එම වතුයායේ වතු රෝහලෙන් පිටව ගොස් ඇති බවත්, දැඩි ලෙස තුවාල ලබා
සිටි වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව වතු පාලන අධිකාරිය පවසා තිබෙනවා .