තම රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්රධානියා ලෙස ඉලෝන් මස්ක් පත්කරන බව ඩොන්ල්ඩ් ට්රම්ප් පවසනවා.
රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් සදහන් කරන්නේ කාර්යක්ෂමතා කොමිසම සමස්ත ෆෙඩරල් රජය විගණනය කරන අතර දැඩි ප්රතිසංස්කරණ යෝජනා කරන බවයි.
ඊයේ දිනයේ නිව්යෝර්ක් ආර්ථික සමාජය සංවිධාන කළ මැතිවරණ ප්රචාරක රැලියකට සහභාගී වෙමින් තම ආර්ථික දැක්ම ඉදිරිපත් කරන අතරතුරදී හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
තමා නැවත ජනාධිපති ධුරය සදහා තේරීපත් වීමෙන් පසු ඇමෙරිකාවේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරමින් ජාතික ආර්ථික පුනරුදයක් ඇති කරන බව ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.