චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා හමු වී තිබෙනවා.
ඒ අද(05) දහවල් බෙයිජිං හි මහජන මහා ශාලාවේදී.
2024 චීන-අප්රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා António Guterres මහතා බෙයිජිං නුවරට පැමිණ සිටිනවා.
දීර්ඝ කාලයක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය අප්රිකාව වෙත වැඩි අවධානයක් යොමු කිරීම චීනය අගය කරන බව ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව, සහයෝගිතා පුළුල් කරමින් අප්රිකාවේ සාමය, ස්ථාවරත්වය හා පුනර්ජීවනය වෙනුවෙන් පිටුබලයක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ජනාධිපතිවරයා ප්රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ විවිධ ක්ෂේත්රවල කටයුතු වෙනුවෙන් අඛණ්ඩ ව සක්රිය ලෙස පෙනී සිටින චීනය, ලෝක සාමය හා සංවර්ධනය උදෙසා මහඟු දායකත්වයක් ලබා දීමට කැමති බව ද ෂී ජින්පිං මහතා කියා සිටියා.
චීනය හා අප්රිකාව අතර පවතින සහයෝගිතාව, අප්රිකාවට එල්ල වූ ඓතිහාසික අසාධාරණය අවම කිරීමට ඉවහල් වී ඇති බව António Guterres මහතා එහිදී පැවසුවා.
එවැනි සහයෝගිතා අප්රිකාවට සිය සාමය හා සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට ද හිතකර වනවා.
චීනය සමග එක්ව වඩාත් යුක්ති සහගත ගෝලීය පාලනය සහතික කිරීමට ජගත් සංවිධානය සූදානම් බව ද මහලේකම්වරයා සඳහන් කර තිබෙනවා.