හිටපු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබූ දිනට, දින දෙකකට පෙර කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකල බවටයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනාට චෝදනා එල්ලවී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා.