නෝර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් 4 දෙනෙකු රාගම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.
රාගම පොලිසිය මගින් සිය භාරයට ගත් මෙම ළමයින් ඔවුන්ගේ දෙමාපියන්වෙත භාරදීමට පියවර ගත් බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ.
නෝර්වුඩ් ප්‍රදේශයේ එකම වතුයායක පදිංචිව සිටි මෙම සිසුන් 4 දෙනා පහළොස් හැවිරිදි වියේ පසුවනවා.
ඔවුන් පෙරේදා දිනයේ සිට අතුරුදන්ව ඇති බවට නෝර්වුඩ් පොලිසියට පැමිණිලි කර තිබුණා.
රැකියාවක් සොයා ගැනීමේ අරමුණෙන් රාගම ප්‍රදේශයේ රාගම ප්‍රදේශයේ ඥාතියෙකු හමුවීමට දුම්රියෙන් ඔවුන් පැමිණ ඇති බවයි හෙළිවුණේ.
කෙසේ වුවත් නිරුපද්‍රිතව සොයාගත් සිසුන් 4 දෙනා දෙමාපියන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.