රනිල් සමඟ රට දිනවන වසර 5ක් , පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය අනුරාධපුර සර්ව ආගමික නායකයන් වෙත පිළිගන්වා තිබෙනවා.
මහා සංඝ රත්නය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමට එක්වුණා.
අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින්වහන්සේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමින්වහන්සේ වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා තිබෙනවා.
ථේරවාද වෙළද ආර්ථිකය , ක්‍රියාන්විතය 2025න් ඔබ්බට , ප්‍රභාශ්වර සමාජයක් කරා , මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා යන ප්‍රධාන අංගවලින් එය සමන්විතයි.
අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකතුමා හා අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේ පියතුමන් වෙත ද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.