පරිගනක අපරාධ සඳහා යොදා ගැනීමට මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් විසිදෙනෙකු මව්බිමට පැමිණියා.
මීට දින කිහිපයකට පෙරයි මෙම පිරිස මුදා ගෙන ඇත්තේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔවුන් දිවයිනට රැගෙන ආවා.
ජාත්‍යන්තර සරණාගතයින් පිළිබද සංවිධානයේ සහාය මෙම පිරිස නිදහස් කර ගැනීම සදහා ලැබී තිබෙනවා.
මියන්මාර සන්නද්ධ කණ්ඩායම් භාරයේ ශ්‍රී ලාංකිකයන් පනස්දෙනෙකුට වැඩි පිරිසක් රඳවා ගෙන ඇත්තේ විවිධ පරිගනක අපරාධ සිදුකිරීම සදහායි.
ඒ අතුරින් 8 දෙනෙකු මීට පෙර නිදහස් කර ගැනුනා.
තවත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් ඔවුන් භාරයේ සිටින බවයි වාර්තා වන්නේ.