ගාසා තීරයේ මානුෂිය තත්ත්වය අතිශය භයානක අතට හැරී ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.
ගාසා තීරයේ මිලියනයකට අධික පිරිසකට ආහාර නොමැති බවයි ජගත් සංවිධානය පවසන්නේ.
මධ්‍යම හා දකුණු ගාසා තීරය වෙත මානුෂිය ආධාර කිසිවක් නොලැබෙන බව එම සංවිධානය අවධාරණය කරනවා.
මේ වන විට එම ප්‍රදේශයන්හි මානුෂිය තත්ත්වය අතිශය ඛේදනීය බවයි ජගත් සංවිධානය තවදුරටත් සඳහන් කරන්නේ.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීමට කිසිදු සහයෝගයක් ලබානොදෙන බවට ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය චෝදනා කරනවා.