බිබිල – අම්පාර මාර්ගයේ ලිඳකුඹුර ප්රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙක් තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අම්පාර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම ධාවනය වූ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙනුන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් බස් රථය සේවකයින්ට බැසීම සඳහා නවතන අවස්ථාවේදී පසු පසින් පැමිණි බස් රථය එම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ පිලිබඳ විමර්ශන බිබිල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.