ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද කොළඹදී එළිදක්වනු ලැබුවා .
විධිමත් රටක් ලෙසයි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙන්නේ.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකෙරුණේ සර්ව ආගමික ආශිර්වාද මධ්යයෙදීයි
කොල්ලුපිටිය වාලුකාරාමාධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ කල්‍යාණි පාර්ශවයේ මහෝපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික වතාවත් සිදුකෙරුණා.
ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් අනතුරුව විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අනාගතය ගැන අලුත් බලාපොරොත්තුවක් දල්වා ගත හැකි ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇති බවයි.