දිවයිනේ ජනප්‍රිය පාසල් 4ක් සඳහා පත්කර ඇති නව විදුහල්පතිවරුන් සිය ධූරයන්හි කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දී තිබෙනවා.
ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වෙරගොඩ මහතා කළ ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස අවසර දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, ජනක් ද සිල්වා. සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලුණා.
ලංකා ගුරු සංගමය සහ එහි මහ ලේකම් ජොසප් ස්ටාලින් මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.