ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රටේ පරිවර්තනයක් සිදු කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද වෙනස් කළ යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ.
ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අද ( 5 ) දින වවුනියාවේ පැවති ජන රැළියකට සහභාගී වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.
ජාතිවාදය හා ආගම්වාදයට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ කිසිදු ඉඩක් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.