රටට ආදරය කරන එම වැඩපිළිවෙල ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණට බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජන හමුවක් යටියන්තොට බස්නැවතුම්පළ අසල දී පැවැත්වුණා.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ප්රතිපත්තිය දේශීය ගොවියා , ධීවරයා කම්කරුවා ශක්තිමත් කිරීම බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ ඔහුගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති මාවනැල්ල කප්පාගොඩ ජන හමුව අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.